youtube_app    
        සුබ දවසක් යාලුවනේ.....  අද හිතහොද RLමල්ලි ඔයාලට කියා දෙන්න යන්නේ තවත් අලුත් වැඩ කෑල්ලක්. කෑල්ලක් කිව්වහමයි මතක් වුනේ තාම හිතහොද   RLමල්ලි තනිකඩයි කියලා. හ් හ්හ්.... හරි හිරි එව්වා  වේලාවට කලාවට සිද්ධ වෙන්න කියලා එක පයින්ම අපි හිතමුකෝ. ඉතින් යාලුවනේ අද කාලේ අපේ අය  යූ ටියුබ් එක  ගැන නමි නොදන්න විදිහක් නෑ. රටේ තොටේ, ගමේ ගොඩේ, ලෝකේ වටේ වෙනහැම දෙයක් වගේම, එසැනින් දැන ගන්න පුලුවන් දැනට තියෙන ජනප්‍රියම වෙබි අඩවියනේ යූ ටියුබ් එක කියන්නේ. එකේ තියෙන වීඩීයෝස් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා කාගෙන් හරි ඇහුවොත් හුගක් අය කියන්නේ Youtube Downloader එකක් පාවිච්චි කරන්න කියලා. සමහර වේලාවට ඔය අතර වැඩ කාරයෙක් ඉදියනමි කොහොමින් කොහම හරි වැඩ කෑල්ලක් දලා අවශ්‍යදේ ඩවුන්ලෝඩි කරගනි. අපේ අය හැමෝම ඉතින් වැඩිඩෝ නෙමේනේ. මාත් ඇතුලුව හරිය..... හරි හරි දැන් ඔයත් යූ ටියුබ් එකේ වැඩ කාරයෙක්  වෙන්නයි යන්නේ. වැඩි කතාවක් නැතිව  වැඩේට බහිමු.
(ඔයාලට අද  හිතහොද RLමල්ලි  කියා දෙන්න යන වැඩකෑල්ල කිසිදු සිංහල බිලෝග් අඩවියක කියා දි නැති බවත්  මුල්ම වරට මෙය අපේ බිලෝග් අඩවියෙන් ඔයාල වෙනුවෙන් ඉදිරිපත් කරන බව සතුටින් කියා සිටින්නේ අපි නිරතුරැවම අලුත් දෙයක් ඔබට කියා දිම සදහා කැප වෙන බව  සිහිපත් කරමින්ය.) 

         ඔන්න එහෙනමි උණු උණු වෙන්ම, හිතේ හැටියට,යූ ටියුබ් විඩීයෝස්, ඩවුන්ලෝඩි කර ගන්න, අලුත්ම කර්මය, හිතහොද RLමල්ලිගෙන් මුලින්ම ඔයාලට..... 
පළමු කර්මය

මේ කර්මය මගින් විඩීයෝ ෆයිල් Mp3 කරලා විතරක් නෙමෙයි තව විවිධ Format වලට ඩවුන්ලෝඩි කර ගන්න පුලුවන්.

  • පළමු පියවර 
                     ඉස්සෙල්ලම ඔයාලා youtube වෙබ් සයිට් එකට ගිහින් තමන්ට ඩවුන්ලෝඩි කරගන්න ඕන වීඩියෝ එක හොයාගන්න. ඊට පස්සේ ඔයාලා වීඩීයෝ එක බලන්න යන තැනට යන්න.

2
  • දෙවන පියවර             හරි  දැන් ඔයා බලන්න ආපු විඩියෝ එකේ ලින්ක් එකක් තියෙනවනේ බ්‍රවුසර් එකේ උඩ....
මෙන්න මේ වගේ, (watch?v=U0IJmOHoa1M&noredirect=1 ඔන්න ඔය ටික වෙනස් වෙන්න පුලුවන්)
4
  • තෙවන පියවර

            එතන තියෙන youtube කියන තැන ඉස්සරහට ’’ pwn ’’ කියලා ටයිප් කරලා, ඉන් පසුව Enter යතුර තද කරන්න. මෙන්න මේ වගේ..(කියලා තියෙන ටික මකලා දාන්න https://www.)

8

         එතකොට ඔයාව අලුත් පිටුවකට අරන් යයි. එතනින් ඔයාට Download කරගන්න පුලුවන් Fromat කිහිපයක් පෙන්වයි. කැමති එකක් කැමති විදියහකට භාගත කර ගන්න එහෙනමි..          ඔය පහළ දාලා තියෙන පිංතුරය බලන්න. සැකනමි ඉතින් කරලම බලන්නකෝ.....

56 
දෙවන කර්මය
කවුරැත් වගේ දන්න කියන ’’ ss ’’ කර්මය ගැනත් මම කියලා දෙන්නමිකෝ.
  • ඩවුන්ලෝඩි කර ගන්න අවශ්‍ය කරන විඩීයෝ ෆයිල් එක, Play කරන තැනට යන්න මුලින්ම.
  • ඉන් පසුව පහළ ආකාරයට ලින්ක් එක වෙනස් කරලා Enter යතුර තද කරන්න.
https://www.youtube.com/watch?v=X-zJg2tmViQ

https://www.ssyoutube.com/watch?v=X-zJg2tmViQ
  • දැන් ඔයාව අලුත් පිටුවකට අරගෙන යාවි. දැන් ඉතින් Download යන්න ක්ලික් කරලා අවශ්‍ය විඩියෝ ෆයිල් එක භාගන්න.
  • එතන තියෙන More යන්න ක්ලික් කරලා ඔයාට අවශ්‍ය Fromat එකක් තෝරලා අවශ්‍ය දේවල් භාගත කර ගන්න පුලුවන් හරිය. 


අදට ඔය ඇති... යු ටුයුබි නමි ඉතින් හිතහොද RLමල්ලි කියලා කිවිවේ නිකන් නෙමෙනේ...... ඕක්ක වැඩකෑලි ටික එක දවසේ කියා දුන්නොත් ගතියක් නෑ කියලා මට හිතෙනවා... ඒ නිසා අනිත් යු ටුයුබි වැඩකෑලි ටික තවත් Post එකකින් අරගෙන එන්නමිකෝ අපිත් එක්ක දිගටම  රැදිලා ඉන්න, අනිත් ඇඩිමින්වරැත් වටිනා ලිපි අරගෙන එනවානේ, ඒ අයගේ ලිපිත් බලලා දන්නේ නැති දෙයක් තියෙනවනමි ඉගෙන ගන්න....එහෙනමි මම යනවා,ඔයාල හැමෝටම ජය වේවා!!   !.

    වැඩේ හොදයි නමි යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න.   Comment එකකුත් තිබුනොතින් නමි, හිතාහාද RLමල්ලිට ලොකු සතුටක්  යාලුවා....
Post එක ලිවවේ හිතහොද RLමල්ලි 
 
Top