අද , අපි කතා කරන්නේ ඔයාලා Google Blogger බ්ලෝග් සයිට් එකක් අලුතේන් පටන් ගැනිමට හිතා ගෙන ඉන්නවා නම් හෝ දැනටමත් Google Blogger සයිට් එකක් තියේනව නම් , ඔබ විසින් අනිවාරේන්ම කියවා දැන ගත යුතු Google Blogger අලුත්ම නීතිරිති ගැනයි.

Google Blogger ආයතනය විසින් , මේ Blogger සේවාව අපට දැනට ලබා දෙන්නේ නොමිලේයි. ඉතින් , මේ විධියට නොමිලේ ලබා දෙනකොට , අපට තියෙන  නිතිරිති පවා වැඩියි.
ඒත් , මේ Google Blogger නිතිරිති ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැ. ඒ නිසාම , සමහර Blogger සයිට් කරන අය , විවිධ ප්‍රශ්ණ වලට පවා මුහුණ දෙන්න සිදු වෙනවා. ඒත් , මේ Google Blogger නිතිරිති ගැන දැන ගෙන ඉන්නව නම් ඒ විධියට විවිධ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැ. අන්න , ඒ නිසා තමයි , මේ Google Blogger නිතිරිති ගැන කතා කරන්න හිතුවේ.

දැන් අපි , Google Blogger නිතිරිති එකින් එක කතා කරමු.

1 ) ඔබේ එක Google Blogger ගිණුමකින් සැදිය හැකි වන්නේ බ්ලෝග් සයිට් 100ක් පමණි.

2 ) ඔබේ එක බ්ලෝග් සයිට් එකකට Labels 2000ක් සාදා ගැනිමට හැකි අතර එක පොස්ට් එකකට Labels 20ක් යොදා ගහ හැක.

3 ) ඕනැම Blogger ගිණුමකට Upload කර හැකි පින්තුර ප්‍රමාණය 1GB පමනක් වේ. ( ඒ කිව්වේ , මට එක Blogger ගිණුමකින් , බ්ලෝග් සයිට් 10ක් තිබුනත් , ඒ 10ම පින්තුර Upload කරන්න පුලුවන් ගාන 1GB පමණයි. )
ඒ නිසා , පින්තුර Upload කරද්දි , තමන්ට වැදගත් වටින දේවල් විතරක්ම Upload කරන්න.


4 ) ඔබේ එක බ්ලෝග් සයිට් එකක , බ්ලෝග් Description එකට ඇතුලත් කල හැක්කේ අකුරු 500ක් පමණි.
( බ්ලෝග් Description එක කියන්නේ , ඔබේ සයිට් එකේ තියේන දේවල් ගැන එකින් එකින් එක කියල තියේන හැදින්විමකටයි.
බ්ලෝග් Description එකේ මුලින්ම බ්ලෝග් සයිට් එකේ නම දාල , ඊට පස්සේ සයිට් එකේ තියේන දේවල් කියන එක තමයි හොද. )

5 ) Google Blogger ගිණුමේ , තමන් ගැන හැදින්විමට තියේන About Me කියන කොටසට ඇතුලත් කල හැකි වන්නේ අකුරු 1200ක් පමණි.

6 ) දැනට , ගොඩක් දෙනෙක් Blogger බ්ලෝග් සයිට් හදන්නේ Crack , Patch , Serial Keys වගේ ඒවත් එක්ක - නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නයි.
ඒත් , මේ විධියට Crack , Patch , Serial Keys සමග මෘදුකාංග නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න දෙන එක තනිකරම , Google Blogger විසින් තහනම් කරපු වැඩක්. මේ වගේ බ්ලෝග් සයිට් අහු වුන ගමන් , කිසිම කතාවක් නැතුව Google Blogger විසින්ම Delete කරල දානවා.

මේ අපේ සයිට් එකේ පවා Crack , Patch , Serial Keys සමග විවිධ මෘදුකාංග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා. ඒ නිසා , අපිටත් මේ නිතියේන් බලපැමක් වෙනවා.

දවසට Page views 30,000ත් 50,000ත් අතර තිබුනු , මාසේකට රු 30,000ක් වගේ හොයා ගත්තු , Blogger බ්ලෝග් සයිට් පවා , Google Blogger විසින් Delete කරල තියේනවා.
මේ විධියට සයිට් Delete කරාට පස්සේ දැනේන දුක අයේ කියන්න ඕන නැනේ.

ඒ නිසා , හොදම වැඩේ තමයි , පසුවට දුක් විදින්නේ නැතුව , මෙතැන් සිට ඉදිරියට සයිට් හදද්දි හෝ කරගෙන යද්දි , Crack , Patch , Serial Keys සමග විවිධ මෘදුකාංග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න දෙනකොට , ගොඩාක්ම හොදටම සැලකිලිමත්ම , ඒ වගේම මේ වගේ සයිට් වලට කිරිමේ අවධානමක් තියේන බව මතක තියා ගෙනම , ඒ වැඩේ කරන්න. තමන් දැන් මේ නිතිය ගැන දන්න නිසා , ගොඩාක්ම හොදයි කියල හිතේන දේ කරන්න.

7 ) ඕනැම ආකාරයක පුද්ගලයේකුට හෝ වෙනත් ඕනැම දේයකට අපහාස වන ලිපි තියේනව නම් , ඒ සයිට් පවා Blogger විසින් Delete කරනවා.

මේ විධියට , යම් කිසි බ්ලෝග් සයිට් එකකින් කුමන හෝ දේයකට අපහාස කරනව නම් , ඒ ගැන Google Blogger ආයතනයට කියන්න පුලුවන්. ඉන් පසු , ඒ සයිට් එකේ ඇත්තටම අපහාසාත්මක දේයක් තියේනව නම් , Google Blogger ආයතනය විසින් , ඒ අපහාසාත්මක දේ තියේන්නේ එක ලිපියක විතරක් නම් ඒ ලිපියද , සයිට් එකම එහම නම් ඒ සයිට් එකමද Delete කරල දානවා.

කවුරු හරි කියයි , ශ්‍රී ලංකාවේ ගොසිප් සයිට් මේ වගේනේ කියල. ඒවා ගොඩක් වෙලාවට තියේන්නේ සිංහලේන් නිසා , ඒවා කෙළින්ම Google Blogger එකට අහු වෙන්නේ නැ. ඒ නිසා , ඒවා ගැන Google Blogger එකට Report කරෝත් තමයි , ඒවට අවුල් යන්නේ. 

* මේ විධියට අපහාසාත්මක දේ තියේන සයිට් හෝ ලිපි , Google Blogger ආයතනයට Report කරන ආකාරය. 

i ] මුලින්ම

        මෙතනින්
ගියාම එන පිටුවේ , පොඩ්ඩක් පහලට එන්න.
එවිට , එක එක විධියේ වර්ග කිපයක් දැක ගන්න පුලුවන්.
ඒ වර්ග අතරින් , ඔබට Report කරන්නට ඕන වර්ගය ක්ලික් කරන්න. [ අපහාසාත්මක දේයක් Report කල යුතු නම් , 3 වෙනියට තියේන Hate speech, violent or crude content කියන එක ක්ලික් කරන්න. ]

ii ] මෙතනින් , මොන වර්ගය ක්ලික් කරත් , එන පිටුවේ පහලට එන්න. එවිට , Report කිරිමට ඕන ලින්ක් එක දාන්න තැනක් තියේවි.
අන්න , එතනට Report කල යුතු සයිට් ලින්ක් එක හෝ පොස්ට් ලින්ක් එක දාන්න.
ඊට පස්සේ , පහලින් තියේන Submit කියන එක ක්ලික් කරන්න.
දැන් , හරි !!

8 ) වැඩිහිටියන්ට පමණක් සුදුසු දේවල් තියේන සයිට් හැදිමත් සම්පුර්ණයේන්ම තහනම්.

9 ) වෙන සයිට් වලින් කොපි කරගන්න දේවල් , තමන්ගේ වගේ දාන සයිට් වලටත් Blogger ආයතනය හා DMCA ආයතනය විසින් ගොඩාක් ලොකුවටම අවුල් දානවා.

ඒත් , කොපි කරගත්තට පස්සේ , ඒවා කොපි කරගත්තේ , මෙන්න මේ සයිට් එකේන් කියල දානව නම් කිසිම අවුලක් නම් නැ.
ඒ කියන්නේ , ඒ කොපි කරගත්තු පොස්ට් එකේ පහලින්ම CopyRight කියල දාල , ඒ පොස්ට් එකේ Original ලින්ක් එක දාන්න. එතකොට හරි.

10 ) Spam , Malware වැනි Virus තියේන බ්ලෝග් සයිට් , Blogger විසින් බ්ලෝක් කරනවා. ඒ නිසා , ඔයාගේ සයිට් එකේ තියේන Spam Commens හා Malware වැනි Virus වර්ග ඉවත් කරන් , සයිට් එක පිරිසිදුව තියා ගන්න.

( Spam Comments ඉවත් කරනව කියල , තමන්ගේ සයිට් එකේ Comments කරපු , වෙන සයිට් වල ලින්ක් අයින් කරන්න එපා.
Spam Comments කියන්නේ නරක වචන තියේන Comments , වැඩිහිටියන්ට පමණක් සුදුසු දේවල් තිබේන ඒවායේ ලින්ක් තියේන Comments , වෙන Spam , Malware වගේ දේවල් තියේන සයිට් වල ලින්ක් තියේන Comments , ඔයාලගේ සයිට් වල දැම්මාම , ඔයාලගේ සයි‍ටුත් Spam , Malware වැනි දේ තියේන සයිට් වෙනවා.
ඒ නිසා , හැම සයිට් ලින්ක් Comment එකක්ම Delete කරන්නේ නැතුව , මේ කිව්ව දේවල් පමණක් තියේන Comments පමණක් Delete කරන්න. )

* තව දුරටත් Google Blogger ආයතනයේ අලුත්ම නිතිරිති ගැන දැන ගන්න ඕන නම් ,

                    මෙතනින්
ගිහින් ඒවා සියල්ලම කියවා බලන්න පුලුවන්.

* මේ පොස්ට් එකේ තියේන්නේ , මට දැනට මතක තියේන දේවල් විතරයි. ඒ නිසා , මට ඉදිරියට මතක් වෙන විධියට , මේ නිතිරිති ටික Update කරන්නම්.

* ඒ වගේම , මේ වගේ Google Blogger ආයතනයේ නිතිරිති ගැන ඔබත් දන්නව නම් , ඒවත් අපි හැමෝටම දැන ගන්න , මේ පොස්ට් එකේ පහලින් Comment කරන්න.


 
Top