ඉතින් කොහොමද යාලුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාල විසින් සාදා ගන්නා ලද ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඔයලගේ  නමින් Google Play Store හි පළ කරන ආකාරය  . . ඒ සඳහා ඔයාල කරන්න ඕනේ  නව Google Play ප්‍රකාශක ගිණුමක් (Publisher account) සාදා ගැනීමයි. නව Google Play ප්‍රකාශක ගිණුමක් සාදා ගන්නා අයුරු සහ ඔබේ ඇප් එක Google Play වෙත එක් කරන විදිය මේ ලිපියෙන් ඔයාලට දැනගන්න පුළුවන්  . .

මිල: Google Play ප්‍රකාශක ගිණුමක් සාදා ගැනීම සඳහා ඔබට $25 ක් වැය වේ. ඔබ එක් වරක් $25 ක් 

වැය කොට ප්‍රකාශක ගිණුමක් සාදා ගත් පසු එමඟින් ඔබට ඇප් ඕනෑම ගණනක් Google Play හි පළ කළ හැක.

පියවර 1 - Google Play ප්‍රකාශක ගිණුමක් තනා ගැනීම


1. https://play.google.com/apps/publish/signup/ වෙත ගොස් ඔබේ Gmail ලිපිනයෙන් ප්‍රවිෂ්ට වන්න.


2. පහත පිටුවේ "I agree..." යන්නට හරි ලකුණ යොදා "Continue to Payment" ක්ලික් කරන්න.


3. "Pay with:" යන්න තෝරා නව ක්‍රෙඩිට් කාඩ් පතක් එක් කිරීමට "Add a new payment method" තෝරන්න. මේ සඳහා ඔබට අන්තර්ජාල ගනුදෙනු සිදු කළ හැකි ඕනෑම කාඩ්පතක් (Webcard වැනි) එක්

කල හැකිය  . .




4. ඔබේ ක්‍රෙඩිට් කාඩ් පතේ තොරතුරු ඇතුළත් කර "Save & Continue" ක්ලික් කරන්න.



5. ඉන්පසු "Buy" ක්ලික් කරන්න.




6. ගිණුම සෑදීම සම්පූර්ණ කිරීමට ඔබේ ප්‍රකාශක තොරතුරු ඇතුළත් කරන්න. Developer name සඳහා ඔබගේ ප්‍රකාශක නාමයත්, ඔබේ ඊමේල් ලිපිනය හා දුරකථන අංකයත් පිළිවෙළින් ඇතුළත් කර "Complete registration" ක්ලික් කරන්න.



දැන් ඔබ සාර්ථකව Google Play ප්‍රකාශක ගිණුමක් සාදා නිම කොට ඇත. මෙම ප්‍රකාශක ගිණුමෙන් දැන් ඔබට ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඕනෑම ගණනක් Google Play වෙත එක් කළ හැක.

පියවර 2 - ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක Google Play ‍හි පළ කරන්න
1. පහත පිටුවෙන් "Publish an Android App on Google Play" තෝරන්න.




2. ඔබේ ඇප් එකේ නම ඇතුළත් කර "Upload APK" ක්ලික් කරන්න.




3. පහත "Browse files" ක්ලික් කර ඔබ Appgenz වෙතින් හෝ කුමන ආකාරයෙන්  සාදාගෙන බාගත කරගත් ඔබේ ඇප් එකේ APK ගොනුව තෝරන්න.




4. දැන් ඔබේ ඇප් එක පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්න. පහත දැක්වෙන තොරතුරු අනිවාර්යයෙන් 

ඇතුළත් කළ යුතුයි.
  • Product Details: Title (ඇප් එකේ නම), Description (ඇප් එක ගැන විස්තරයක්)
  • Graphic Assets: Screenshots (ඔබේ ඇප් එකේ තිරපිටපත් 2 ක්), High-res Icon (512 x 512 විශාලත්වයෙන් ඔබේ ඇප් එකේ අයිකනය)
  • Categorization: Application type (ඇප් ‍එකේ වර්ගය), Category (කාණ්ඩය), Content rating (අන්තර්ගත ශ්‍රේණිගත කිරීම)
  • Contact Details: Website (වෙබ් අඩවිය), Email (ඊමේල් ලිපිනය)
  • Privacy Policy: Link (මෙය නොමැති නම් "Not submitting privacy policy" යන්නට හරි ලකුණ යොදන්න)
මෙම තොරතුරු ඇතුළත් කළ පසු පිටුවේ ඉහලින් ඇති "Save" යන්න ක්ලික් කරන්න.




5. ඉන්පසු "Pricing & Distribution" අංශයට ගොස් පහත දැක්වෙන දෑ අනිවාර්යයෙන් ඇතුළත් කරන්න.

  • Distribute in these countries: "Select all countries" යන්නට හරි ලකුණක් යොදන්න.
  • Consent: "Content guidelines" සහ "US export laws" යන්නටද හරි ලකුණු යොදන්න.
මෙම තොරතුරු ඇතුළත් කළ පසු පිටුවේ ඉහලින් ඇති "Save" යන්න ක්ලික් කරන්න.



6. දැන් පිටුවේ ඉහල දකුණු කෙළවරේ දිස්වන "Ready to publish" යන්න ක්ලික් කර එහි ඇති "Publish" යන්න ක්ලික් කරන්න.

සුභපැතුම්! ඔබේ ඇප් එක දැන් සාර්ථකව Google Play හි පළ වී ඇත. කෙසේනමුත් එය අනුමැතියෙන් පසු Google Play හි සැබැවින් දිස් වීමට පැය 2-4 ත් අතර කාලයක් ගත වේ. එම ඔබේ ඇප් එක Google Play වෙත එක් වී ඇත් දැයි තහවුරු කර ගැනීමට පැය කීපයකට පසු ඔබේ ඇප් එකේ නම Google Play හි යොදා සෙවුමක් කර බලන්න. .. 


එහෙනම් යලුවනේ මම යනවා ඔයාලට ජය වේවා !! මෙච්චර දෙයක් දීලත් ඇයි like එකක් නොදා යන්නේ  ..

 ***වැඩි දෙනෙක්ගේ දැන ගැනීම පිණිස මෙම ලිපිය උපුටා ගනු ලද්දෙකි 

 
Top