logo
       සුභ දවසක් යාලුවනේ.. මේ  දවස් වල අපිත්  එක්ක දැනුම බෙදා හදා ගන්න එකතු වෙන කටිටය වැඩි වේලා තියෙනනවා.. සුලු කාලයක් තුල දී ඔයාල අතර තැනක් ලබා ගන්න පුලුවන් විම ගැන RnT Production එකේ සියලු දේනාම සතුටු වෙනවා.....  ලක්ෂාන් සහෝදරයගේ තව ඉලක්කයක් තමයි RLTechZonelk අඩවිය ආරමිභ කර දෙවන මාසය(2014.08.26)වන විට අප අඩවියට පැමිණි සංඛ්‍යාව 5000ක් දක්වා ඉහල දමා ගැනිමත්..ඒ වගේම වටිනා ලිපි 50කට අධික සංඛ්‍යාවක් ඔයාලා වෙනුවෙන් ලබා දිම.ඒ දේවල් ඒ විදිහටම සිද්ධවෙයි කියලා අපි හිතමුකෝ..දැන් ආපු වැඩේට බහිමු..
                 සමහර වේලාවට අපේ කටිටිය Windows දාගන්න කියල මුළු System Unit එකම උස්සගෙන යනවා .සමහරු ඉතින් Hard එක විතරක් අරන් ගිහින් Windows Install කරගෙන එනවා, හැබැයි තමන්ගේ Computer එකට ගහල On කලාට Windows Boot වෙන්නේ නෑ සමහර වේලාවට. එහෙමත් නැත්තමි හොදටම Slow වෙන්න පුලුවන්. Screen එකේ ඉරි ඉරිත් යනවා. අද මම  කියා දෙන්න යන්නේ කොහමද වෙන Computer  එහෙකින් Windows දාල තමන්ගේ Computer එකේ  කිසිදු ප්‍රශ්නයක් නැතුව බූට් කර ගන්නේ කියල. 
                 වැරදියට එහෙම හිතන්න ඒපා.මම ඔයාව Windows Install කර ගන්නවත් බෑ කියලා හෑල්ලුවට ලක් කිරිමක් එහෙම නෙවෙයි මේ කරන්නේ...ඔයා ගාව Windows Setup එකක් නැති වුන විට,එහෙම නැත්තමි CD-ROM එක වැඩ කරන්නේ නැති වේලාවකදි ඔයාලට System Unit එකම උස්සගෙන යන්නේ නැතුව Hard එක විතරක් ගෙනිහිල්ල වැඩේ Shape කරගන්න පුළුවන්නේ කර්මයක් ගැනයි මේ  කියන්න  යන්නේ...
        Windows Instrall වුනාට පස්සේ Computer එකේ Perfomance සහ Services වගේම  Drivers එහෙමත් තියෙනවනම් (Windows Install කරන CD එකේ)  ඒවත් Install කරගෙනම තමයි Desktop එකට එන්නේ.                 මම පල්ලෙහා පින්තුරේ දාලා තියෙන එක දැකලා ඇතිනේ ?? ? කමක් නෑ  ඉතින් දැකලා නැත්තමි,අද වත් දැක්කා කියලා හිතමුකෝ එහෙනමි.
112612_0947_Sysprep314c2
හරි. ඒ Windows Instrall කරපු පරිගණකයේ විදිහට තමයි දැන් Windows සැකසිලා තියෙන්නේ. ඉතින් අපි මේ Hard එක වෙන Computer එකකට සමිබන්ධ කරලා Boot කරාට Boot වෙන්නේ නැත්තේ, windows කලින් සැකසිලා තිබුනු විදිහට බූට් වෙන්න හදන නිසා. සමහරවිට Boot වුනත් Slow වෙන්නත් පුලුවන්. Screen එකේ ඉරි යනවා වගේ පෙන්නෙත් මේ නිසා වෙන්න පුලුවන්. හොදයි එහෙනමි අපි මේකට මොකද්ද කරන් පුලුවන් කියලා.
   ඒ Windows සැකසිලා තියෙන විදිහ Clear කරලා අපේ Computer එකේ විදිහට සැකසුවා නම් වැඩේ අහවරයිනේ ද. Simple වැඩක් අනේ කරන්න තියෙන්නේ. 
ඔයා මුලින්ම Windows Install කරපු පරිගණකයේ වින්ඩෝස් ඉන්ස්ටෝල් වෙලාඩෙටොප් එකට ආපුවහම මේ විදිහට කරන්න.
  • Start > cmd කියල Type කරන්න. දැන් ඔයාට Search Box එකේ CMD Prompt එක දැක ගන්න පුලුවන්. cmd එක මත Right Click කරලා Run as administrator යන්න ලබා දෙන්න .
111
  • ඉන් පසුව Command Prompt එක Open වේවි. එකේ මම පහළ දාලා තියෙන Code එක Type කරලා Enter කරන්න.
sysprep\sysprep.exe 
2
 
  • එතකොට මේ වගේ Window එකක් Open වේවි.
7
එකේ Generalize කියන එකට Tik(හරියක්) එකක් දාල Shut Down Option කියන තැනට Shut Down යන්න තොරා අවසානයේ Ok යන් ලබා දෙන්න. පහළ පිංතුරය බලන්නකෝ...
3
  • එවිට දැනට Hard Disk එක සමිබන්ධ  වේලා තියෙන පරිගණකයට Configuration වෙලා තීන විදිහ Clear කරලා පරගණකය Shutdown වේවි. 
         දැන් ඔයා ඒ Hard එක ගලවලා  වෙන පරිගණකයට සමිබන්ධ කරලා On කරන්න, එතකොට අර මුලින් Windows Instrall  වෙනකොට වුනාවගේ ඔයා Hard එක ගලවලා සමිබ්ධ කරපු පරිගණකයේ විදිහට Windows එක සකසා ගනිවී. දැන් ඉතින් අලුතින් Account එකක් වුනත් හදා ගන්න පුලුවන්. දැන් ඉතින් කිසිම අවුලක් නැතුව ඔයාගේ Computer එකේ Windows වැඩ. මේ වැඩේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල  හිතනවා යාලුවනේ. මීට පසුසේ මේ වගේ අවස්ථාවක් ආපුවහම System Unit එක පිටින්ම උස්සගෙන යන්නේ නැතුව Hard Disk එක විතරක් අරන් ගිහින් වැඩේ  කර ගන්න පුලුවන්. අමතර වියදනුත් නෑ අමතර  මහන්සියකුත් නෑ සල්ලිත් ඉතිරි හිතහොද RLමල්ලිටත් සතුටුයි...
ගැටලු එහෙම තියනවනමි කියමු  බලන්න
මෙය Windows 7,8,හා 8.1 සදහා සහය දක්වයි
වැඩේ හොදයි නමි යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න. Comment එකකුත් තිබුනොතින් නමි, හිතාහාද RLමල්ලිට ලොකු සතුටක්  යාලුවා....
Post එක ලිවවේ හිතහොද RLමල්ලි 
 
 
 














 
Top