ඉතින් යාලුවනේ කොහොමද අද තමා මන් මුලින්ම පොස්ට් එකක් ලියන්නේ අද ඉදන් මන් ඔයාලට බ්ලොග් කරණය ගැන කියලා දෙන්න හිතුවා. .එහෙනම් අද ඉදන් මාත් එක්ක වැඩේ පටන් ගමු නේද?

මුලින්ම කියන්න ඕනෙ දෙයක් තියනව ගොඩක් අය හිතන් ඉන්නව බ්ලොග් එකක් කරන්න සෑහෙන මුදලක් ඕනෙ කියල. එහෙම නෑ යලුවනේ බ්ලොග් එකක් පටන් ගන්න අපිට නොමිලේම පුලුවන්. අපිට වැයවන්නෙ අපට Internet එන්න වැය වන Data වල මුදල විතරයි. ඉතින් Facebook එකේ YouTube එකේ ඔයාල ගත කරන වෙලාවෙන් පොඩි වෙලාවක් වෙන් කරල ඔයාලටත් හොද බ්ලොග් අඩවියක් කරගෙන යන්න පුලුවන්.

ඉතින් ඔයාලට බ්ලොග් එකක් කරගෙන යන්න පුලුවන් පැති ගොඩක් තියන්වා. ඒ කිවුවෙ ඔයාල දන්න කියන ඕනෙ දෙයක් වෙනුවෙන් ඔයාලට බ්ලොග් එකක් පටන් ගන්න පුලුවන්. . 

උදා :
        * ගොසිප්

        * නිර්මාණශීලි බ්ලොග්

        * පර්යේක්ෂණාත්ම විවරණශීලි බ්ලොග්

        * තාක්ෂණික බ්ලොග්

        * අධ්‍යාපනික බ්ලොග්

        * ආත්ම කථනය,පුද්ගලික බ්ලොග්

        * සාහිත්‍යමය බ්ලොග්

        * කාන්තා බ්ලොග්

        * ඡායාරූපකරණය

එකී නොකී  ඕනෙම දෙයක් සම්බන්ධයෙන් බ්ලොග් එකක් කරගෙන යන්න පුලුවන්. අපි කතා කරන්නෙ

සිංහල බ්ලොග් කරනය ගැන නිසා අපේ බ්ලොග් එකක 80% කට වඩා සිංහල භාශාවෙන් තියෙන්න ඕනෙ..

ඒක නියමයක් නොවුනත් ඒක එහෙම වෙන්න ඕනෙ.බයවෙන්න එපා සිංහල Type කරන්න ක්‍රමත් මන්

කියල දෙනවා . . .

අද පලවෙනි කොටස නිසා ගොඩක් හැදින්වීමක් වගේ තමා යන්නෙ. ඉතින් අපිට බ්ලොග් එකක් කරගෙන

යන්න නොමිලේ සේවා සපයන්නෙක් ඕනෙ වෙන්වා . .. 

ජනප්‍රියම බ්ලොග් සේවා සපයන්නන් තමා Blogger හා WordPress කියන්නෙ. මීට අමතරවත් තව ඔනෑ

තරම් බ්ලොග් සේවා සපයන්නන් ඉන්නව. ඉතින් අපි මේ පාඩම් මාලාව සදහා යොදාගන්නෙ Blogger කියන

අති දැවැන්ත Google ආයතනයේ සේවාවයි. . .

අපිට මේ සඳහා උවමනා වෙන්නෙ Google Account එකක්. කොයි කාටත් Email එකක් තියන්ව නේ. .

ඉතින් අපේ රටේ ගොඩක්ම භාවිතා වන්නෙ Gmail නිසා ඔයාලට මේකෙන්ම මේ වැඩේ කරගන්න පුලුවන්. 

ඔයාලට අලුතින්ම වැඩේ පටන් ගන්න ඕනෙනම් මේ පහත link එකෙන් ගිහින් Google Account එකක් 

හදාගන්න.ඒක හදන හැටි දන්නේ නැත්නම් මෙතනින් ගිහින් බලලා හදාගන්නකෝ . .(Link)

ඉතින් හොදට කල්පනා කරල බ්ලොග් එකට නමක් එහෙම හදා ගෙන වැඩේ සැලසුම් කරගන්නකො . . 

ඊලග පාඩමින් එකෙන් ඔයාලට මන් කියල දෙන්නම් කොහොමද බ්ලොග් එක හදන්නේ කියලා.. 

මේක හැදින්වීමක් නිසා. ඕනෑම ගැටලුවක් comment එකකින් හෝ අපේ Facebook පිටුව හරහා විමසන්න

යාලුවනේ..එහෙනම් යාලුවනේ  ඔයාලට ජය වේවා! දෙවැනි පාඩම බලාපොරොත්තුවෙන් ඉන්නකෝ . .

ඉතින් අපේ page එකටත් like එකක් දාලා යන්නකෝ ..අනිත් කට්ටියටත් දැනගන්න share කරන්න යාලුවනේ . . 

 
Top