ඉතින් කොහොමද යාලුවනේ අද මේ ජිල්මාර්ට්ස් මල්ලි ඔයාලට ගෙනාවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරපු හතරවන game එක ඔයාලට දෙන්න ..අපේ site එක හැමදේකින්ම සම්පුර්ණ කරන්න තමයි අපට ඕනේ එක නිසා තමයි game එකක් මුල් වරට ඔයාලට දෙන්න හිතුවේ . . මොකක්ද දන්නවද ඒ game එක එකේ නම තමයි 'අබා' ඉතින් ඔයාලා අබා ෆිල්ම් එකත් බලලා තියෙනවනේ . .game එකත් ගහලා බලන්නකෝ කොහොමද කියලා කොහොමත් මේ game එක Made in Srilanka නේ එක නිසා ඔයාලම ගහලා බලන්නකෝ game එකේ තත්වේ . .
මේ game එක release වුනේ 2010.09.08 වෙනිදා ගොඩක් කට්ටිය game එක play කරලා ඇති එත් ගහපු නැති කට්ටියට ගොඩක් වටිනවා .මේක එච්චර ලොකු game එකක් නෙමේ ගහලා බලන්නකෝ හොදද නරකද කියලා. . මේක ශ්‍රී ලංකාවේ 60 වන වසරක සිනමා ඉතිහාසයේ ෆිල්ම් එකක් සදහා නිර්මාණය කරපු එකම game එක . .
එහෙනම් පල්ලෙහායින් download කරගන්නකො ..
Game Title | : | ABA Pc Game (Demo) | |
Size of Demo | : | 43.42 MB | |
Released Date | : | 2010.9.18 | |
Minimum System Requirements :P IV 800Mhz
Ram : 512 Mb
|
සංස්කරණය (නව තොරතුරු) :
ලංකාවේ ගේම් සංස්කෘතියට නව මානයක් එක් කරපු කෙනෙක් තමා ධනුෂ්ක සංජය පෙරේරා කියන්නේ ලංකාවේ පළවෙනි ගේම් එක වන ජේමිස් බණ්ඩා නිර්මාණය කරන්න දායක වුන කෙනෙක්. එතරම්ම දියුණු මට්ටමේ මේ ගේම් එක නොතිබුණත් ජේමිස් බණ්ඩා හොද ආරම්භයක් වුණා. ඉන්පසුව තොප්පිගල මෙහෙයුම ගෙන කියවෙන තොප්පිගල නමින් ගේම් එකක් නිර්මාණය කලා. ඉන්පසුව ජේමිස් බණ්ඩා ක්‍රීඩාවේ දුර්වලතා මඟ හැරලා එහි දෙවෙනි අදියරත් නිකුත් උනා. අනික් ගේම් එක්ක තොප්පිගල හා ජේමිස් බණ්ඩා පළවෙනි අදියරත් එක්ක සලකද්දි මෙහි ගැෆික් උසස් තත්වයක තිබුණා.
සිංහල චිත්‍රපටයක් ඇසුරින් තැනුණු ප්‍රථම පරිගණක ක්‍රීඩාව “අබා” නමින් නිර්මාණය කිරීමට 2010 වසරේදී ධනුෂ්ක සංජය පෙරේරා ප්රමුඛ ගේම් කොර් අයාතනයට හැකිවුණා. සිංහල ඉතිහාසය ඇසුරින් නිර්මාණය වූ ප්‍රථම ක්‍රීඩාව හා ප්‍රථම ත්‍රිමාණ ක්‍රීඩාව වන්නේද මෙයයි. ජැක්සන් ඇන්තනී මහාතාගේ “අබා” ෆිල්ම් එක මෙයට පදනම් වුණා. මෙහි විශේෂත්වය වන්නේ අවශ්‍ය නම් ස්ටීරියෝස්කොපික් වීඩීයෝ නැරඹීමට ගන්නා කණ්නාඩියක් භාවීතයෙන් මෙහි ඇති වීඩීයෝ නැරඹීමට හැකිය.
මේ පරිඝණක ක්‍රීඩාව ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ ප්‍රථම පරිගණක නිර්මාණය ලෙස ඉතිහාසට එක් වනවා. ඒ ඉන්දියාවේදී පැවැත්වුණු “The Manthan Award” තරගාවලියෙනි. එහිදි රටවල් 8 කින් අයදුම් කරුවන් 450 ක් ඉදිරිපත් විය. 2010 දකුණු ආසියාවේ හොදම පරිගණක් ක්‍රීඩාව ලෙස “අබා” තේරී පත් වුණා. . .බලන්නකෝ පල්ලෙහා රූපේ . .
අබා game එකේ Screenshot කිහිපයක් . .
එහෙනම් යාලුවනේ මම යනවා ඔයාලට ජය වේවා! Like එකක් Comment එකක් දාල අපට සහයෝගය දක්වන්න පුලුවන් නම් ගොඩක් සතුටුයි!!!!