ඔන්න යාලුවනේ මම අදත් ඔයාලට වැදගත් පොස්ට් එකක් ගෙනාවා . . .
කොහොමද ඔයාලට මන් නම් හොදින් කල් ගෙවනවා එහෙනම් වැඩි කතා ඕනේ නේ අපි වැඩේට බහිමු. . .
මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ phone එක කවුරු හරි විසින් හොරකම් කළහොත් හෝ අප විසින්ම නැති වුවහොත් පහසුවෙන්ම phone එක හොයාගන්න පුළුවන් විදිහක් ගැන . . .
පොඩ්ඩක් ඔයාලම හිතල බලන්නකෝ ඔයාලගේ phone එක නැති වුණහොත් කොතරම් ඔයාලට පාඩුද කියලා ඔයාලගේ numbers නැති වෙනවා ඔයාලගේ phone එකේ save කරලා තිබෙන details වෙන කෙනෙකු අතකට යනවා .. ඒ නිසා මෙම අවස්ථාව මගින් අපට එම නැති කරගන්න පුළුවන් . . ..
එහෙනම් වැඩේ පටන් ගමුකෝ . . .. මුලින්ම ඔයාලා මේ site එකට ගිහින් ඔයාලගේ phone එකට හරියන software එක බා ගන්නකො . . .ඊට පස්සේ මන් කියන්නම් මේකෙන් මොනවද,කොහොමද කරන්නේ කියලා . ..
 හැබැයි මේක හැම phone එකකටම support කරන්නේ නැ .. . මන් පහතින් දාලා තියන picture එකේ තියෙනවා support කරන operating system ටික . . .එක බලලම ඉන්නකෝ . . .


          මෙන්න site එක ගිහින් download කරගන්නකෝ . . . Protection By F-secure

මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ software එක ඔයාලගේ phone එකට install කරගන්න . . ..
ඊට පස්සේ අහනවා Trust Number කියලා එන එකට ඔයාලගේ තාත්තගේ හරි අම්මගේ number එක දෙන්න .ඒ විතරක් නෙමේ software එක install කරද්දී රහස් අංකයත් ඔයාලා දාන්න ඕනේ  . . ඊට පස්සේ phone එකේ  Theft control කියන එක active කරන්න. . .

දැන් වැඩේ හරි දැන් ඉතින් phone එක හොරකම් කරලා වෙන සිම් එකක් දාන වාරයක් වාරයක් පාසේ ඔය අර මුලින්ම දුන්න Trust number එකට message එකක් එනවා . . ..
දැන් කරන්න තියෙන්නේ ඒ message එක අපු number එකට  # lock # <රහස් අංකය > දාල message එකක් දාන්න . . . ඊට පස්සේ phone එකේ කිසිම දෙයක් කරන්න බැරි විදිහට  phone එක lock වෙනවා . . .ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ ආකාරයට  message එකක් දාන එක # location # <රහස් අංකය > ගහලා send කරන්න එතකොට ඔයාට ලින්ක් එකක් එනවා එක බලපුවාම google map එකෙන් පෙන්නනවා phone එක තිබෙන ස්ථානය  . . .

එහෙනම් දැන් හරිනේ එකත් ....එහෙනම් මන් ගිය ඔයාලට ජය වේවා !!! මොකක් හරි අවුලක් තියෙනවනම්  comment කරන්නකෝ . . .





         

 
Top