Smart (ස්මාට්යන ඉංග්‍රීසි වචනයේ අරුත වන්නේ දක්ෂ” යන්නයිඅප වටා ඇති සෑම සියළු උපාංගයක්ම ස්මාට්කරණය වන මේ යුගයේ අතේ බඳින ඔරලෝසුවටත් ඒ ආකාරයෙන් දක්ෂ නොවී සිටිය නොහැකියිසාම්ප්‍රදායික අත් ඔරලෝසුව සම්පූර්ණ වෙනසකට ලක් කරමින් එන ස්මාට් ඔරලෝසු නූතන ලෝකයට අමුත්තක් නොවේසරලවම කිවහොත් ස්මාට් ඔරලෝසු යනු හුදෙක් වේලාව බැලීමට පමණක් සීමා නොවීවෙනත් පරිගණක හා සන්නිවේදන උපාංග සමග තොරතුරු හුවමාරු කරගත හැකි අතේ බඳින පරිගණකයකි.


ස්මාට් ඔරලෝසු පිළිබව තාක්ෂණ ලෝකයේ කලබලයක් ඇති කලේ Sony සමාගම විසිනි Sony Smart Watch හඳුන්වා දීමෙනි පිළිබව ඔබට අසන්නට ලැබී ඇතුවාට සැක නැතඑයින් පසුව ඇපල් සමාගම හා ගූගල් සමාගම ද, මෑතකදී සැම්සුන් සමාගම ද ස්මාට් ඔරලෝසු පිළිබ සිය අවධානය යොමු කර ඇතැයි අසන්නට ලැබුණත්තවමත් එවැන්නක් නිළ වශයෙන් දියත් කර නොමැතදැන් Sony සමාගම විසින් සිය Smart Watchඋපාංගයේ දෙවැනි පියවරත් තබමින් Sony Smart Watch 2 නමින් වැඩිදියුණු කරන ලද නව ස්මාට් ඔරලෝසුවක් නිකුත් කර ඇති අතර මේ සමගින් Smart Watch යුද්ධය වඩාත් උග්‍ර වනු ඇතැයි අදහස් පළවෙමින් තිබේ.


සෝනි සමාගම ඉදිරිපත් කළ පළමු ස්මාට් ඔරලෝසුව අකලට පැමිණි නිෂ්පාදනයකිඑය පාරිභෝගික ආකර්ශණය දිනාගත් නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කළ නිපැයුමකිඑය මිළ අධික වූ අතරජලයට ඔරොත්තු දෙන ලක්ෂණ ද නොතිබිණිඑසේම එම Smart Watch එකට Apps වෙනමම install කරන්නට සිදුවීමද කරදරයකිකෙසේ වුවත්සමගින් සෝනි සමාගම දැන් සිය අඩුපාඩු සියල්ලම පාහේ මකා ගනිමින් විශිෂ්ඨ ස්මාට් ඔරලෝසුවක් ඉදිරිපත් කර තිබේ.

Smart Watch 2 හි නිමාව පිළිබව සැලකීමේදී එහි බ තනිකරම ඇළුමිණියම් ලෝහ මිශ්‍රණයකින් සාදා තිබේඑමගින් මෙයට උසස් පෙනුමක් ලබාදී ඇතවිශේෂයක් වන්නේ මෙහි අත් පටිය සම්මත 24mm ප්‍රමාණයෙන් පැවතීමයිමෙය ඉවත් කර අළුත් එකක් යෙදිය හැකි ලෙසින් ඇති නිසා ඔබට කැමති වර්ණයකින් හෝ නිමාවකින් යුතු වෙනත් අත් පටියක් වුවත් Smart Watch 2 හා භාවිතා කළ හැකියිතරමක් විශාලව පෙනෙනරවුම් හැඩයකින් යුතු power බොත්තම පසෙකින් පිහිටා තිබේඑහි අනෙක් පසින් Smart Watch 2 උපාංගය චාජ් කිරීම සහා සපයා ඇති සම්මත ප්‍රමාණයේ Micro-USB කවුළුව පිහිටා ඇතමීට පෙර පැමිණි ස්මාට් ඔරලෝසුව සහා භාවිතා වූයේ Custom Charging Port එකක් වුවත් Micro-USB යනු වර්තමාන යේ සම්මත port එකක් වීම පරිශීලකයාට වඩාත් පහසුවකි.


තිරය පිළිබව ගතහොත්පෙරදී ආ Smart Watch එක මෙන්ම Smart Watch 2 හිදී ද භාවිතා වන්නේ අඟල් 1.6 ක ස්පර්ශ-සංවේදී LCD තිරයකිපෙරදී භාවිතා කලේ OLED තිරයක් වන අතර නව සංස්කරණයේ ඇති LCD තිරය මගින් එළිමහනේදී පවා හොඳින් තිරය දර්ශණය වේමේ කුඩා තිරයේ විභේදනය පික්සල 220 x 176 ක් ලෙස සහන් වේ.

භෞතික ප්‍රමාණය අනුව, Smart Watch 2 උපාංගය සිය පළමුවැන්නාට වඩා මක් විශාල වන අතරබරින් ද ග්‍රෑම් 08 ක් පමණ වැඩියකෙසේ නමුත් එය පරිශීලකයාට නොදැනෙන වෙනසකිපළමු Smart Watch එකට වඩා Smart Watch 2 හි ඇති ලොකුම භෞතික ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මෙය ජල-ප්‍රතිරෝධී (water-resistant) ගුණාංගයෙන් යුතු වීමයිඑමගින් හදිසි ඉහිරීම් හා වතුර ගැලීම් වලින් Smart Watch 2 උපාංගය රැකදෙයිකෙසේ වුවත් මෙය පැළගෙන පිහිණීම හෝ ස්නානය හා සේදීම් කටයුතු කිරීම නම් ආරක්ෂිත නොවන බව පැවසිය යුතුයි.

Smart Watch 2 උපාංගය ඉතා පහසුවෙන් ඔබේ ස්මාට් දුරකථනය සමගින් ඈඳිය හැකි වේ හා දැන් NFC සම්බන්ධතාවය ද එක් කොට තිබේඔබේ දුරකථනයට ස්මාට් ඔරලෝසුවෙන් තට්ටුවක් දැමීමෙන් NFC සම්බන්ධතාවය ඇරඹෙන අතර දැන් දුරකථනයට Smart Watch app එක ස්වයංක්‍රීයවම download වනු ඇතඔබට Smart Watch 2 සඳහා අවශ්‍ය Apps පහසුවෙන් තෝරා ගත හැකි අතරම පෙර පැමිණි Smart Watch එකෙහි අඩංගු වූ Apps මෙම නව Smart Watch 2හා ද භාවිතා කළ හැකිවීම පහසුවකි.

Smart Watch 2 සහා භාවිතා වන්නේ Bluetooth 3.0 තාක්ෂණයයි. මෙමගින් සැලකිය යුතු තරමේ විදුලි බලයක් ඉතිරි කරදෙයිBluetooth 4.0 තාක්ෂණය මගින් විදුලි පිරිමැසුම උපරිම කර ඇති නමුත් සෝනි සමාගම විසින් එය නොසලකා හැර ඇත්තේ දැනටමත් Smart Watch 2 උපාංගය එක ආරෝපණයකින් දින 3-4 ක් ධාවනය වන නිසා විය යුතුයිමෙම උපාංගය වැනි කුඩා හා සංකීර්ණ ගැජට්ටුවක් සහා  මේ බැටරි කාලය ඉතා විශිෂ්ඨ වන බව කිව යුතුව තිබේ.


දිනෙන් දින උණුසුම් වන ස්මාට් ඔරලෝසු වෙළපොල වෙත කලින්ම පැමිණීමේ වාසිය සෝනි ස්මාට් ඔරලෝසුවට හිමිවන නමුත්, බොහෝ දෙනා තවමත් ස්මාට් ඔරලෝසුවකින් සිදුවන දේ පිළිබව හරි වැටහීමක ඉන්නා බවක් නොපෙනේකෙසේ වුවත් Smart Watch ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක් ලෙසින් සෝනි සමාගම හැඳින්වීමට ඇති අයිතිය එයින් අවහිර නොවේලබන සැප්තැම්බරයේ දී Smart Watch 2 වෙළපොලට නිකුත් කිරීමට නියමිත අතර මිළ ගණන් පිළිබව තවමත් ප්‍රකාශ කර නොමැතකෙසේ වෙතත් මෙය ලංකාවේ මුදලින් රුපියල් 25,000 කට ආසන්න අගයක් ගනු ඇති බවට මත පළවේඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් දුරකථනයක් සමගින් භාවිතා කළ හැකි මේ Sony Smart Watch 2  උපාංගය ස්මාට් ඔරලෝසු ලෝකයේ පෙරළියක් කරනු ඇති බව පැවසිය හැකියි...


Read more: http://chathucn.blogspot.com/2013/08/sony-smart-watch-2.html#ixzz3kT5h0Lu0 
 
Top