ආයුබෝවන් යාලුවනේ .
 ඔන්න යාලුවනේ ඔයාලට තවත් යාලුවෙක් සෙටි වෙන්නයි යන්නෙ.
මම තරංග,

මට පොඩි  කාලෙ ඉදලම පොඩි ලෙඩක් කියන්නත් බෑ, ඒත් නිකන් විවිධ දේවල් දැක්කහම ආසාවක් වගේ දෙයක් ඇත්වෙන්න ගත්තත.වැඩිමනක් විදුලි උපාංග. හැබැයි ආසාව ඇතිවුනේ ඒව අරගන්න නම් නෙමෙයි, ඒව ගලෝල මස් කරන්න තමා.
            ඉතින් ඔහොම ගියා කියමුකො , විභාගෙත් කරා . ඒ වෙනකොට ගලවල තිබුණ දේවල් අතරින් මගේ ගෙදරින් ඉතිරිවෙලා තිබුනේ අපේ ගෙදර සාමාජිකයන් විතරයි. ඔයාල බය වෙනන්න එපා මොකද මේක බෝවෙන් නැහැ.
            මම මුලින්ම ගලවන්න පටන්ගත්තේ කැඩුනු නැත්තම් පරණ උපකරණ, පසුව හොදින් වැඩකරන උපකරණ ගලවල නැවත තිබූ තත්වයෙන් සවිකරන්න පුරැදු වුනා , මට ඒ වැඩවලදි විවිධ අයගෙන් උදව් ඉල්ලගන්න ඕන වුනා . ඒ අවස්ථා වලදී මට උදවු කරපු අයට මම මේ වෙලාවෙ ස්තූතිකර සිටිනවා.
දැන් ඉතින් මම ගලවපු හයිකරපු ඒවගෙන් ඔයාලට වැඩක් වෙන එකක් නෑනේ නේද?
  එහෙම නැතුවත් බැහැනෙ කතාවට බහිනකොට කට්ටියව අල්ලගන්න කර්මයක් තියෙන්න එපායැ.
මම ඔහොම ගලෝගෙන ගලෝගෙන එනකොට, එක දවසක් ගෙදර තිබූ ජංගම දුරකථනයට කූඹු රිංගල , කූඹින්ටත් වෙ තැන් නැතුවට නේද? 
            ඉතින් ඔන්න එදා තමයි වැඩකරන  phone එකක් ගලවන්න අවස්ථාව ලැබුනේ, මෙතනින් තමා අපි වැඩේට බහින්නෙ. එදා මම ඒ වැඩේ ගොඩ දැම්ම . ඒත් ඒක ගලවද්දි පොඩි පොඩි වැරදි කර්ම වගයකුත් භාවිතා කලා ඒ පලවෙනි phone එක නිසා . මම විශ්වාසයි මට ඒ phone එක අවුලක් නැතිව සවිකරන්න පුලුවන් වුනේ කලින් අර එක එක ඒව ගලවපු නිසා කියල.
දැන් නිකන් තේරෙනව වගේද මම මොකාටද එන්නෙ කියල , ආ.
කරගෙන ආපු කතාවට මම මතුසම්බන්ධයි කියන්නම්.
මම මෙතනට ආවෙ කොහොමද කොහේ ඉදලද කාගෙ උදව්වේන්ද කියල පස්සෙ කියන්නම් . මොකද ඒව නොකීවොත් මම වරදක් කලා වෙනව ඒව දැන් කීවොත් ඔයාලට එපා වෙනව.
මම ඔන්න ඔන්න ඔන්න දැන්නම් වැඩෙ හරියටම පටන් ගන්නවා

මම ආවේ ඔයාලට ජංගම දුරකතන පිළිබද මුලික දෘඩාංගමය දැනුමක් ^නැති නම් phone වල කෑලි හයි කරන හැටි කියල දෙන්න තමා ආවෙ^




            මගේ phone ගලවන හයිකරන පන්තියට හැමෝමවම සාදරයෙන් පිළිගන්නව,
 ඉතින් අපි ඔහොම කරගෙන යමු.

පන්තිය තියෙන්නෙ අපෙ  ,lakshan කොල්ලගෙ බොලොග් එකේ පාර නම් කව්ද නොදන්නෙ.
මම කැමතියි මට ඔයාල තරංග කියල කියනවනම් ,
            

මම ඔයාලට විවෘතව ආරාධනය කරනව ජංගම දුරකථනයක්

නැත්නම්  Mobile phone එකක් කියන්නෙ
මොකක්ද කියල කියන්න.
පලවෙන් පාඩම මම මිලග පොස්ට් එකේ
 ඉදල නොකඩවා ගෙන එන්න  පොරෝනදු
  වෙනව .අදට මම නවතින්නම්.
මමත් සමදා Lakshan සමග ඉන්නව .
Lakshan හැමදාම අපිව බලාගනීවි.

ස්තූතියි.
 
Top